Google සමාගම මෙම නොවැම්බරයේ සිට Google Hangouts සේවාව නතර කර දමයි

 Google සමාගම මෙම නොවැම්බරයේ සිට Google Hangouts සේවාව නතර කර දමයි

Google Hangouts is shutting down in November

Google hanouts
Source: crast.net

මෙම වසරේ නොවැම්බරයේ සිට Google Hangouts සේවාව නතර කර දමන බව Google සමාගම නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

Google සමාගම Google Hangout පරිශීලකයන් හට නිවේදනයක් නිකුත් කරමින් කිය සිටින්නේ , තම Hangouts සේවාව Google Chat මගින් ප්‍රතිස්තාපනය කරන බවයි.


Google hangout  Migrate to Chat
Source: Google

Google පරිශීලකයන් හට Google Chat සේවාව වෙත හුවමාරු වීම සදහා නොවැම්බර් මස දක්වා Google සමාගම විසින් සංක්‍රමණ කාලයක් ද ලබා දී ඇති අතර දැනටමත් Google Hangouts හි වසරක් තුළ සිදු කරන ලද සංවාද (Chats) , Google Chat වෙත හුවමාරු කර ඇත.

Google සමාගම සදහන් කළ ඇති ආකාරයට අනුව 2022 ග්‍රෂ්ම සෘතුවේදී Hangouts යෙදුම (App) හා Hangouts Chrome extension වලට පරිශීලකයන්ට ප්‍රවේශවීම වළක්වන බවත් Google Hangouts හි දත්ත අවශ්‍ය නම් මේ වසරේ නොවැම්බරයට පෙර ලබා ගැනීමට හැකි බවත් හා Gmail හි Hangouts එම කාලය තුළ සක්‍රීයව ඇති බවට ප්‍රකාශ කර සිටියි.

Google hangouts to Google  Chat
Source: XDA developrs

සියලු අවශ්‍ය දත්ත හුවමාරුවන් සිදු වූ පසු සියලු Google Hangouts පරිශීලකයින් Google Chat වෙත ස්වංක්‍රීයව Upgrade කරන අතර එතැන් සිට Gmail සේවාවෙහි Google Hangouts සේවාව තව දුරටත් ප්‍රදර්ශනය නොවනු ඇත.

Source: Google

Follow Us On Instagram


Comments