අලුත් විශේෂාංග සමග එන iOS 16

 අලුත් විශේෂාංග සමග එන iOS 16

Apple iOS16 features in Sinhala.
Source: Apple
ජුනි 6 වෙනිදා පැවති Apple WWDC22 සමග ඉදිරියේදී iPhone සදහා පැමිණීමට නියමිත iOS 16 මෙහෙයුම් පද්ධතියේ නව විශේෂාංග පිළිබද තොරතුරු Apple සමාගම විසින් Apple සංවර්ධකයන් හට නිවේදනය කළේය.


Lock Screen


Apple iOS16 lockscreen Screenshot
Source: Apple
මෙවර iOS 16 සමග පෙර විශේෂාංගයන් කැපී පෙනන ලෙස වෙනස්කම් සිදු කර තිබූ අතර, ඒ අතරින් Lock screen එක සදහා විශේෂ තැනක් හිමිවිය. මෙවර ඔවුන් lock screen සදහා පරිශීලකයාහට විවිධ වෙනස්කම් කළ හැකි (customize)අයුරින්, lockscreen තේමා වැඩි ගණනක් හා Widgets ද එකතු කරමින් නව Locksreen Interface එක සංවර්ධනය කළ ඇත.


iMessage

iOS16 iMessage Screenshots
Source: Apple

iOS 16 සමග iMessage සදහා edit හා Unsend පහසුකම ලබා දීමට apple සමාගම කටයුතු කර ඇති අතර මෙමගින් Apple iPhone පරිෂ්ලකයන් හට iMessage හරහා යවන ලද Text message edit හෝ Unsend කිරීමේ හැකියාව ලබා දී ඇත.


Always On display

Apple සමාගම විසින් WWDC 22 නිවේදනය නොකළ නමුත් බොහෝ ආරංචි මාර්ග පවසන්නේ ඊළඟට පැමිණීමට නියමිත iPhone එකත් සමග මෙම Always On display පහසුකම පැමිණෙන බවයි.

තවද කුඩා වෙනස්කම් සහිතවApple Pay,Face ID සදහා ද අලුත් විශේෂාංග ඉදිරිපත් කිරීමට apple සමග කටයුතු කර ඇත.


Source: Apple


iOS 16 හි Developer Beta Version එක ජුනි 6 සංවර්ධකයන් සදහා ඉදිරි පත් කළ අතර ජුලි මාසය වන විට iOS 16 Public Beta Testing version එක පරිශීලකයන්ට ලබා දීමට Apple සමාගම සැලසුම් කර ඇත.

Apple iOS16 Supported Devices
Source: Apple

මෙවර iOS 16 සදහා සහය දක්වන iPhone අතර iPhone 7 සහ iPhone 7 Plus නොමැති වීම සුවශේශි කරුණක් විය. කෙසේ හෝ 2022 සැ්තැම්බර්හිදී iPhone 8 හා iPhone 8 වලින් පසුව පැමිණි සියලු iPhone සදහා iOS 16 update එක ලබාදීමට කටයුතු කරන බව Apple සමාගම පවසා සිටි.

List of devices supported iOS 16 : - iPhone 8 and 8 Plus - iPhone X - iPhone XS & XS Max - iPhone XR - iPhone 11 Series - iPhone SE Gen 2 - iPhone 12 Series - iPhone 13 Series - iPhone SE Gen 3

Source: Apple WWDC 22

Follow Us On Instagram

Comments