ලොව බලගතුම Mixed Reality Headset එක?

 ලොව බලගතුම Mixed Reality Headset එක?

Apple’s mixed reality headset will reportedly come with an M2 chip

Apple rumored Mixed Reality Headset
Source:9to5Mac

මෙතෙක් ලොව බලගතුම Mixed reality headset එක APPLE සමාගමෙන් ඉදිරිපත් කරන බවට Bloomberg හි වාර්තාකරුවෙකු වන Mark Gurman විසින් ඒ පිළිබද තොරතුරු වාර්තා කරමින් පවසා සිටි.

Mark Gurman ගේ වාර්තා වලට අනුව මෙම mixed reality headset එක, Apple සමාගම විසින් මේ මස ඉදිරිපත් කරන ලද Apple M2 SOC මගින් බලගැන්වෙන අතර එහි 16GB RAM ධාරිතාවකින් යුක්ත විය හැකියැයි පවසා ඇත.

OCULUS QUEST 2
Source:Gizchina.com

මේ වන විට VR headaet අතරේ හොදම විකුණුම් අතර සිටින Meta සමාගමෙන් නිකුත් කර ඇති OCULUS QUEST 2 හිත් RAM ධාරිතාව 6 GB පමණ වන අතර එය Snapdragon SOC එකක් හරහා බල ගන්වෙයි.

දැනට අන්තර්ජාලය හරහා හුවමාරු වන තොරතුරු අනුව මෙම Apple Mixed Reality Headset එක ලබන අවුරුද්දේ (2023) ජනවාරි මස නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇති බවත් මේ වන විටත් Apple සමගෙමේ අධ්‍යක්ෂකවරුන් මෙය මෙම අවුරුද්දේ මැයි මාසයේ දී පරීක්ෂා කර ඇති බවත් , තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු වේ.

මෙම Headset එකහි ධාවනය වීමට නියමිත මෙහෙයුම් පද්ධතිය ‘RealityOS’ ලෙස නම් කර ඇති බවටද අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතීන නිල නොවන වාර්තා වල සදහන් වේ.

Source: TheVerge,MacRumors

Follow Us On Instagram

Comments