අලුත් පෙනුමකින් එන Nothing Phone(1)

 අලුත් පෙනුමකින් එන Nothing Phone(1)

Nothing Phone (1) | Sinhala
Source:MKBHD

London-based සමාගමක් වන nothing සමාගම තම ප්‍රථම smart ජංගම දුරකථනය ලෙස nothing phone (1) ලෙස නම් කර ඇති Smart ජංගම දුරකථනය මේ අවුරුද්දේ ජූලි 12 වන දිනට නිකුත් කිරීමට නියමිතව තිබේ.

Nothing phone(1) Design
Source:Nothing


මෙය අනිත් Smart ජංගම දුරකථන හා විශාල වශයෙන් වෙනස් වන්නේ මෙහි ඇති බාහිර පෙනුම නිසා.

Nothing සමාගමේ Founder වන හා Oneplus සමාගමේ හිටපු Co-founder වන Carl Pei විසින් Nothing සමාගම වෙනුවෙන් නිකුත් කරන දෙවන උපාංගය මෙයයි. පළමු වරට ඔවුන් Nothing ear (1) නමින් wireless earphone එකක් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කළේය.

Nothing phone(1) Buy StockX
Source:Nothing|StockX


දැනට nothing phone (1) හි පළමු Limited edition 100 නිල ඉදිරිපත් කිරීමට ප්‍රථමව, වෙන්දේසි ක්‍රමය ඔස්සේ StockX වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට හැකිය. මෙම දුරකථනය ගැන මේ වන විටත් නිල පිරිවිතර ඉදිරිපත් කළ නොමතිමුත් මේ වන විට ඉහළම වෙන්දේසි මිල $2000 පසු කර ඇත.

පළමු Limited edition 100 මිලදී ගන්නන් හට තම ලංසුවේ වටිනාකමට අදාලව දුරකථයෙ පසෙකින් එය එය සලකුණු කිරීමටද Nothing සමාගම කටයුතු කරයි.


Follow Us On Instagram



Comments