Xiaomi සමාගමෙන් 1-inch ප්‍රමානයේ Smartphone Camera Sensor එකක්

Xiaomi සමාගමෙන් 1-inch ප්‍රමානයේ Smartphone Camera Sensor එකක්.

Xiaomi 12S Ultra will have 1-inch Sony IMX989 camera sensor


IMX 989 Sensor | Xiaomi 12S Ultra
source:weibo.com

Xiaomi සමාගම ලබන මාසෙදි Xiaomi 12S කාන්ඩයේ දුරකථන 3ක් හදුන්වාදීමට සරසීමත් සමග ඔවුන් එම කාණ්ඩයේම, හදුන්වාදීමට නියමිත Xiaomi 12S Ultra දුරකථනයෙ හී Camera sensor එක, දැනට ලොව විශාලතම Camera sensor එකකින් යුක්ත වන බව Weibo වෙබ් අඩවියේ පල වූ ඡායාරූපයක් විසින් අනාවරණය විය.
මෙම Camera Sensor එක Sony සමාගම හා Xiaomi සමාගම හා එක්ව සංවර්ධනය කළ ඇති අතර මෙහි පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සදහා ආසන්න වශයෙන් ඇ.ඩොලර් මිලියන 15 පමණ මුදලක් ද වැයවූ බව සදහන්ව ඇත.

Size comparision | Sony IMX 989
source:weibo.com

මෙම Sensor එක Sony IMX 989 ලෙස නම් කර ඇති අතර මෙය ප්‍රමාණයෙන් 1-inch පමණ වන වේ., පෙර දී වෙළඳපොලට නිකුත් වූ Apple iPhone 13 Pro Max හි කැමරා sensor එකට වඩා බොහෝ විශාල වන අතර Samsung Galaxy S22 Ultra දුරකථයෙහි පැමිණෙන Camera sensor එකට වඩා මෙය 1.7 වාරයක් විශාල බවයි එම සමාගම විසින් එළි කරන ලද තොරතුරු වල සදහන් වන්නේ.

කෙසේ නමුත් 1- Inch ප්‍රමානයේ Camera sensor එකක් Smartphone එකකට එන පළමු අවස්ථාව මෙය නොවේ. Sony සමාගම හා Aquos සමාගම මීට පෙර ඔවුන්ගේ Smartphone සදහා එක වරක් මෙම 1-inch ප්‍රමානයේ Camera sensors භාවිතා කල නමුත් එහිදී සම්පූර්ණ වශයෙන් එම sensor එකේ ප්‍රමාණයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට එම සමාගම් අසමත් විය.


Sony IMX 989 Sinhala
source:weibo.com

සාමාන්‍යයෙන් විශාල Camera sensor එකක් භාවිතා කිරීමේදී වැඩි ආලෝක ප්‍රමාණයක් sensor එක මත එකතු වීම නිසා, ඡායාරූපයේ ගුණාතමකබව ඉහළ යන අතර රාත්‍රි කාලයේ දී ලබා ගන්නා ඡායාරූප ද යම්තාක් දුරකට හොඳ ප්‍රතිපල ලබා දෙයි.නමුත් මෙය සම්පුර්ණයෙන්ම දෘඪාංග (Hardware) මත පමණක් රැඳෙන කාර්යක් නොවේ.

Xiaomi 12S කාන්ඩයේ දුරකථන වලින් ලබා ගන්නා ඡායාරූප වල ගුණාත්මක බව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව එහි කාච නිර්මාණය සදහා Xiaomi සමාගම, Leica නම් ජර්මන් සමාගමක් සමග එක්ව කටයුතු කරන බවට ද පෙර දී ඔවුන් දැනුම් දුන්හ.


LEICA x Xiaomi 12s pro
source:weibo.com

Xiaomi 12s Series එක ලබන මස 4 වන දිනදී චීනයට එළි දැක්වීමට Xiaomi සමාගම සැලසුම් කර ඇති අතර දැනටමත් එක් එක් දුරකථන සදහා වෙන් කිරීම් 200000 වඩා වැඩි ගණනක් ලැබී ඇත.

Sources: Weibo.com,IndianExpress,TheVerge

Follow Us On Social Media



Comments