YouTube සමාගම, YouTube Channels හි සංග්‍රාහක සංඛ්‍යාව (Subscriber Count) සඟවා තැබීමේ විශේෂාංගය නතර කිරීමට තීරණය කරයි.

 YouTube සමාගම, YouTube Channels හි සංග්‍රාහක සංඛ්‍යාව (Subscriber Count) සඟවා තැබීමේ විශේෂාංගය නතර කිරීමට තීරණය කරයි.

YouTube Disables Hidden Subscriber Counts

YouTube Subscriber Count hide
source: theverge
ජූලි 29 දා පටන් YouTube channels සතුව පවතින Subscriber සංඛ්‍යාව, පරිශීලකයන්ගේ සඟවා තබා ගැනීමේ විශේෂාංගය නවතා දැමීමට YouTube සමාගම තීරණය කර තිබෙනවා.
Spam accounts වලින් YouTube සදහා සිදුවන හානිය නතර කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති බව YouTube සමාගම පවසන  අතර ඒ සදහා ඔවුන් තවත් Polices 2 ක් ද මේ සදහා ඉදිරිපත් කර ඇත.

මෙම Spam වලින් YouTube තුළ සිදුවන හානිය පිළිබඳව YouTube හි Tech Reviewer කෙනෙක් වන MKBHD ද පසු ගිය අප්‍රේල් මස Twitter සටහනකින් හා Video එකක් මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළේය.

 

 කුඩා Channels හි ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණෙන් ඇතැම් Creators ලා මෙම Subscriber සංඛ්‍යව සඟවා තැබීමේ විශේෂාංගය marketing gimmick එකක් ලෙස භාවිතා කරිම YouTube තුළ සුලබ දෙයකි. කෙසේ නමුත් YouTube සමාගම, Subscribers සංඛ්‍යාව සඟවා තැබීමේ පහසුකම ඉවත් කිරීමෙන් බලාපරොත්තු වන්නේ,Spam Account එකක් ද නැද්ද යන වග ඉක්මණින් තීරණය කිරීමට පහසුව සැලසීම සඳහායි. 

You Tube Subscriber Count Hide
source: howtogeek

තව ද YouTube Channel එකක් නම් කිරීමේදී Special Characters භාවිතය සීමා කිරීමට ද YouTube සමාගම තීරණය කර ඇත.3 වන පියවර ලෙස Comments සදහා වන “Auto-moderation” විශේෂාංගය තව දුරටත් ශක්තිත් කිරීමටද YouTube සමාගම තීරණය කර ඇත.

Sources:YouTube,TechCrunch


Comments